වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ බවට ව්‍යාජ හැදුනුම්පතක් ඉදිරිපත් කර කතුන් මුලාකර ලිංගික අතවර කොට රන්මාල සහ මුදල් කොල්ලකෑ පුද්ගලයකු මොරොන්ත්ඩුව පොලිස් භාරයට ගෙන තිබේ.
මෙසේ භාරයට ගෙන ඇත්තේ කුරුණෑගල වීරඹුගෙදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත්, ඔහු හිටපු හමුදා සැරයන්වරයෙකු බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවත් පොලිසිය කීය.
හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේ පදිංචි 38 හැව්රිදි කාන්තාවක විසින් කල පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කීය.
පැමිණිලිකාර කත ඉකුත් 01 දා මොරොන්ත්ඩුවේ ලැගුම්හලකට රැගෙන ගොස් ලිංගිකව හැසිරී ජංගම දුරකථනයෙන්ද පටිගත කර ඇති බව සදහන් වේ. පසුව තමා පානදුර පොලිසියේ ස්ථානාධිපතිවරයා බව පවසා පටිගත කල විඩියෝ දර්ශණ පෙන්වා ගෙලබැදි පෙන්ඩනය සහිත රන්මාලය කොල්ලකෑ බවට පැමිණිල්ලේ සදහන් බවද පොලිසිය කීය.
විමර්ශන කටයුතු සදහා අදාල හෝටලයට යන අවස්ථාවේ සැකකරු තවත් කාන්තාවක සමග එම ලැගුම්හලේම රැදීසිට ඇති බවද පොලිසිය කීය.
බම්බලපිටිය , ගල්කිස්ස සහ පානදුර ඇතුළු පොලිස් බළප්රදේශවලද සැකකරුට එරෙහිව විමර්ශන පවතින බවද සදහන් වේ.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
පානදුර සුමිත් පොතුපිටිය සහ වාද්දුව දයා හේමන්ත සිල්වා