සැක කටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් වලස්මුල්ල ප්රදේශයෙන් ඊයේ (12) දින හමු වී ඇති බව වලස්මුල්ල පොලීසිය පවසයි.
වලස්මුල්ල ගිනිගොඩැල්ලයාය ප්රදේශයේ නිවසක් තුළ කාන්තාවක් සැක කටයුතු ලෙස මිය ගොස් ඇති බවට වලස්මුල්ල ප්රදේශයෙන් ලැබුණු තොරතුරක් මත ඊයේ දින වලස්මුල්ල පොලීසිය විමර්ශන දියත් කර තිබිණ.
පොලිස් විමර්ශනවලට අනුව ,මෙලෙස මිය ගොස් ඇති කාන්තාව කැබැල්ලකැටිය ප්රදේශයේ 65හැවිරිදි කාන්තාවක් බව තහවුරු වී ඇත.
මිය ගිය කාන්තාවගේ හිසෙහි තුවාල සහ ලේ පැල්ලම් කිහිපයක් පැවති බැවින් වලස්මුල්ල පොලීසිය ,මෙම මරණය සිදු වී ඇත්තේ ඝාතනය කිරීමෙන් බව සැක පල කරයි.
සැකකටයුතු මරණයක් හේතුවෙන් මහේස්ත්රාත් මරණ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර තංගල්ල මහ රෝහල වෙත යොමු කර ඇති බවත් ,සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන වලස්මුල්ල පොලීසිය විසින්තතවදුරටත් සිදුකරනු ලබන බව පොලීසිය පවසයි .
බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ