අම්බලන්තොට වලවේ ගඟට දිය නෑමට ගිය කාන්තාවක් කිඹුලෙක් අද (12) පස්වරුවේ ඩැහැගෙන යෑමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි.
අම්බලන්තොට පුහුල්යාය ප්‍රදේශයේ ගඟ ඉවුරේ පිහිටි නිවසේ සිට වලවේ ගඟට බැස ඇති කාන්තාව කිඹුලෙක් ඩැහගෙන යමින් දුටු පිරිසක් කෑකෝ ගසා කිඹුලා ගෙන් කාන්තාව බේරා ගැනීමට උත්සාහ කලද ඒ වන විටත් කාන්තාවගේ පාදයක් කඩා ගෙන තිබූ අතර ශරීර කොටස වලවේ ගඟට යාබදව ඇති අම්බලන්තොට ගිරිහඬු විහාරයේ පන්සල් වත්ත ඉඩමට ගොඩගත් බව සිද්ධිය ඇසින් දුටු රෝහණ නිශාන්ත මහතා කියා සිටියෙය.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්තොට පුහුල්යාය පදිංචි 75 හැවිරිදි බ්‍රියටිස් සමරවික්‍රම යන විශ්‍රාමික ගුරුවරියක් බව ඥාතින් හඳුනාගත් බව පොලීසිය කියයි.
අම්බලන්තොට වලවේ ගඟේ කිඹුලන් බහුල වශයෙන් සිටින අතර දන්නා තරමින් කිඹුලන් විශාල ප්‍රමාණයක් සිටින බවත්, මේවන විට කිඹුලන් ගේ ගොදුරු බවට පුද්ගලයින් රැසක් පත්වී ඇති බවත්. කාන්තාවන් සිව්දෙනෙක් බේරාගත් බව වසර 30ක පමණ කාලයක් වලවේ ගඟ අසල කම්හලක් පවත්වාගෙන යනු ලබන රෝහණ නිශාන්ත මහතා කීය.
පාළම මත සිට පිරිසක් කෑකෝ ගසමින් කිඹුලෙක් අරන් යනවා කියන විට තමාද පන්සල වත්ත දෙසට දුව ගොස් කිඹුලාගේ කටේ සිටි කාන්තාව නිදහස් කර ගැනීමට කටයුුත කලද කිඹුලා ගොඩ බිමට පැනීම සිදු කර හෙයින් සිරුර කිඹුලා අත හැර දැමීමෙන් පසුව කාන්තා සිරුර ගොඩගත් බවද පොලිස් නිළධාරිගේ උපදෙස් මත පන්සල වත්ත ඉඩමට ගොඩ ගත් බව රෝහණ මහතා වැඩි දුරටත් කියා සිටියෙය. සිද්ධිය සම්බන්දයෙන් අම්බලන්තොට පොලීසිය පරීක්ෂන සිදු කරති.