වරෙන්තුවක් මග හැර සිටියොත් වෙන දේ පොලිසිය කියයි
වරෙන්තුවක නිකුත් කර තිබියදී අධිකරණය මගහැර සිටින තැනැත්තන්ගේ දේපළ තහනම් කිරීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරිමේ නිවේදනයක් පොලිසිය විසින් නිකුත් කර තිබේ. ඒ් අනුව 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්රහ පනතේ ප්රතිපාදන ප්රකාරව, අධිකරණයක් මගින් නිකුත් කරන ලද වරෙන්තුවක් ක්රියාත්මක කිරීමට නොහැකි වන පරිදි සැඟවී සිටින හෝ මගහැර සිටින තැනැත්තන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට අධිකරණයට බලතල ඇතැයි පොලිසිය කියයි.
වරෙන්තු ලැබූ තැනැත්තකු අධිකරණය මගහැර සිටින බවට තහවුරු වන විටකදී, දින 30 කට නොඅඩු කාලයකදී නියමිත ස්ථානයක හා වේලාවක පෙනී සිටින ලෙස නියම කරමින් අධිකරණය මගින් ලිඛිත ප්රකාශනයක් නිකුත් කළ හැකි බව පොලීසිය පවසයි. (අපරාධ නඩු විධාන සංග්රහයේ 60 වගන්තිය) කෙසේ වෙතත් ප්රකාශනය නිකුත් කිරීමෙන් පසුවද අධිකරණය හමුවේ එම තැනැත්තා පෙනී නොසිටින්නේ නම්, එම තැනත්තාට අයත් චංචල හෝ නිශ්චල දේපළ තහනම් කිරීමේ ආඥාවක් නිකුත් කිරීමට අපරාධ නඩු විධාන සංග්රහයේ 61 වගන්තිය ප්රකාරව අධිකරණයට හැකියාව පවතින බව පොලිසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
