ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා උදව් කරන දීර්ඝ කාලීන මිතුරෙකු වන ඇමරිකනු එක්සත් ජනපද රජය විසින් ශ්‍රි ලංකාවේ වරාය ක්ෂේත්රයේ මානව සම්පත් සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක ප්‍රධානයක් ලබා දී ඇති බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.
ඇමරිකා එක්සත් ජනපද මුල්‍ය අධාර යටතේ ‘ කොළඹ ක්‍රමය ‘ (Colombo Plan ) විසින් ප්‍රධානය ලබා දුන් අතර ඒ පිලිබඳව අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම 2024.01.31 දින පස්වරුවේ කොළඹ මැරියට් හෝටලයේදී සිදු කෙරිණ.
මෙම මුල්‍ය ප්‍රධානය යටතේ ඉදිරි වසර 03 ක කාලය සඳහා ශ්‍රි ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු සහ තාක්ෂණික කටයතු වල නියැලෙන නිලධාරීන්ට සහ සේවකයින්ට තම වෘත්තීය නිපුණතාවය දියුණු කර ගැනීම සඳහා විදේශීය ශිෂ්‍යත්ව සියයක් ( 100) ලබා දීමට කටයුතු කරනු ඇත.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ශ්‍රි ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ජූලි චං මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
මෙම අවස්ථාවේදී කරුණු දැක්වු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ : ශ්‍රි ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු ලෙස ඇමරිකානු එක්සත් ජනපදය විසින් වරාය හා නාවික ක්ෂේත්රයේ මානව සම්පත් සංවර්ධනය සඳහා දක්වන සහය අගය කරන බවයි. එමෙන්ම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිට මේ වන විට එම තත්වයෙන් මිදීමට අවශ්‍ය කටයුතු වත්මන් රජය විසින් සාර්ථකව සිදු කෙරෙමින් සිටින බවත්, ඒ සඳහා මනා දැක්මකින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාවේ වෙළඳ නාවික ක්ෂේත්රයේ අභිවෘද්ධිය හා අනාගත සංවර්ධනය වෙනුවෙන් මෙවන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චං මහත්මියට හා ඒ වෙනුවෙන් මුල් වී කටයුතු කල කොළඹ ක්‍රමය ලේකම් කාර්යාලය විසින් දක්වන දායකත්වය අමාත්‍යවරයා විසින් අගය කරන ලදී.
