වරාය අධිකාරියට කරන සියලුම ගෙවීම් ඩොලර් මගින් ගෙවන ලෙස නව නාවික හා වරයා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නැව් සමාගම් විසින් මීට පෙර ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවනු ලැබූ ගාස්තු සෘජුවම එක්සත් ජනපද ඩොලර් මගින් ගෙවීමට අවස්ථාව ලැබෙන අතර එයින් ලැබෙන වාර් ෂික ආදායම ඩොලර් මිලියන 100ක් ඉක්මවනු ඇති බව ගණන් බලා තිබේ.
මෙම ක්‍රමවේදය එළැඹෙන ජුනි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.