වර්තමාන ජනාධිපතිවරයා සමග තමා වසර පහක් ආණ්ඩු කළ බවත් තමන් එතුමාගේ හැටිද එතුමා තමාන්ගේ හැටිද හොඳින් දන්නා බව හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
රටේ පවත්නා තත්ත්වය මත දේශපාලකයින් කළුද සුදුද බැලීම සුදුසු නොවන බවද සියලු දෙනා පක්ෂ පාට මේ අවස්ථාවේදී ඔලු වලින් අයින් කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසු අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.