වර්තමාන කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසකට ඩෙල්ටා
මේ වන විට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගෙන් වැඩි පිරිසකට හේතුකාරක වී ඇත්තේ කොවිඩ් ප්‍ර භේදය බවට ශ්‍රී ලංකාව පුරා සෑම ප්‍ර දේශයකින් ලබාගත් ජෛව සාම්පල පටල පිළිබද කරන පරීක්ෂණයකධී අණාවරණය වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තීකරණ හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
හෙතෙම සඳහන් කර සිටියේ එම මූලික වාර්තාව එළැඹෙන සෙනසුරාදා වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීමට හැකිවනු ඇති බවයි.
“ අපි ජාන විශ්ලේෂණ පරීක්ෂණ්යක් ආරම්භ කර තිබෙනවා ශ්‍රී ලංකාව පුරා පැතිරුණු කොවිඩ් - 19 රෝගය සම්බන්ධයෙන් මොන ප්‍ර භේදස හේතු කාරක වුණේ කියලා.
ඒ අනුව මේ වන විට දිවයින පුරා සෑම ප්‍ර දේශයකින්ම නියැදි අපිට ලැබිලා තිබෙනවා.නියැදි 94ක් සිදුකරන ලද මූලික වාර්තාව සෙනසුරාදා වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.
මේ වන විට කොවිඩ් රෝගීන් වැඩි පිරිසකට හේතුකාරක වී ඇත්තේ ඩෙල්ටා වෛරස ප්‍ර භේදය බවට එයින් අණාවරණය වී තිබෙනවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
