වර්තමානයේ සංඝරත්නයට කරන අපහාස නිසා මම ඉන්නේ බෞද්ධ රටක දැයි සිතෙනවා - චමල්
වර්තමානයේ මහා සංඝරත්නයටත් බුදු දහමටත් එල්ලවන බලපෑම නිසා තමන් සිටින්නේ සිංහල බෞද්ධ රටක දැයි ප්රශ්නකාරී වන තරමට රට අගාධයකට ගොස් ඇතැයි හිටපු කථානායකවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ පොළොන්නරුව ජයන්තිපුර තඹලවැව ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේ පැවති උත්සවයකට ඊයේ (14) සහභාගී වීමෙන් අනතුරුව පැවති ජන හමුව අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමල් රාජපක්ෂ මහතා ,
"මම ඉතාම සතුටට පත් වුණා මෙම සියලු දෙනාගේම දායකත්වයෙන් ඉදි වෙච්ච මේ මහා සෑයේ කොත නිරාවරණය කිරීමේ අවස්ථාවට එක් වීමට හැකි විම ගැන. ඒක මහා පුණ්‍යකර්මයක් ලෙසයි මා දකින්නේ. ඒ වගේම මා ඉතාමත්ම සිත් තැවුලට පත් වුණා. කම්පනයට පත් වුණා. අපේ ප්රදීපවංශ නායක ස්වාමීන් වහන්සේ ට ඇති වෙච්ච මානසික වේදනාව කනස්සල්ල ගැන. මම කල්පනා කළා මමත් ඉන්නේ මේ බෞද්ධ රටේ ද කියලා.
මේ රටේ දැහැමි සමාජයක් හදාගෙන ඒ වගේම සිංහල සාහිත්‍යයෙන් පෝෂණය කරන්නත් ඒ වගේම වැව් අමුණු හදලා මේ රට ස්වයං පෝෂිත කරන්නත් අපේ රටේ ඉතිහාසය බලනකොට ඒ සියල්ලට නායකත්වය දුන්නේ ගරුතරසංඝරත්නය. එවැනි මහා සංඝරත්නයක් තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමත් සමග වඩම්මපු ඒ ධර්මය මේ දක්වා අපේ රටේ පවත්වාගෙන ආවේ. උන් වහන්සේ කිවු පරිදි මෙවැනි දුෂ්කරතාවලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා නම් සිර ගෙවල්වල රිමාන්ඩ් භාරයේ විවිධ චෝදනා යටතේ දුක් විදින්න සිද්ධ වෙනවා නම් අපේ රටේත් බුදු දහම ඉන්දියාවේ වගේම විනාශ වෙලා යන්නට ඉඩ තිබෙනවා.
නමුත් ඒ හැම බාධාවක් ම ඉවසගෙන අතිගරු මහා සංඝරත්නය අදත් නිවැරදි මාර්ගය තෝරාගෙන මේ රට එක්සේසත් කරන්න රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම්වලට යටත් නොවි කටයුතු කරන්නත් ඉදිරිපත් වෙලා තියෙනවා. රටේ උදාවෙලා තිබෙන තත්ත්වය මේ රටේ බෞද්ධයන් හැටියට ඉතාම කල්පනාවෙන් සිතලා බලලා අනාගතයේ අපේ දරු පරම්පරාවට යහපතක් වෙන විදිහට කටයුතු කරන්න තිබෙන අවසාන අවස්ථාවක් හැටියට උදාවෙලා තිබෙන අවස්ථාවක් විදිහටයි මා දකින්නේ. පේ රට අද පත් වි තිබෙන තත්ත්වය අනුව කල්පනා කරලා බලලා ගරුතර මහා සංඝරත්නයට සිදුවන හිරිහැර බාධා ගැනත් කල්පනා කරලා බලලා අපි මේ රට තවදුරටත් සිංහල බෞද්ධ රටක් හැටියට දැහැමි සමාජයක් ගොඩනගන්න ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය ඉවතලා තරුණ පරම්පරාව ඉදිරියට ගෙනයන්න වගකීම තිබෙන්නේ මේ වැඩිහිටියන්ටයි.
මෙම අවස්ථාවට ආදිවාසි නායක ඌරු වරිගයේ වන්නියලා ඇත්තෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිරිපාල ගම්පල් හා රොෂාන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.
පොළොන්නරුව - තුෂාර තෙන්නකෝන්

popular news
-
ase Tuesday, 15 October 2019 11:53 AM
දහම් රැකියා යුතු ඇයො දේශපාලනය කරන්න යාමේදී වන දේ තමා මේ , මේ තත්වයට ඔබලා විශාල වසයෙන් වග කිව යුතු නේද ?? ඇඉ මේ මැරිලා ඉපදිලා වගේ කතාව ??
Reply : 0 41
Lochi Tuesday, 15 October 2019 12:22 PM
sanga rathnaya mema tharam apahasa windina thathwayata path kale oba thumanla tamay , rajya palanayata anusasana gannawata wada desha palanayata sanga rathnaya genalla owunwa lajja kale oba tumanla tamai
Reply : 0 0
Deepal Nirosh Tuesday, 15 October 2019 12:25 PM
ලංකාව සිංහල බෞද්ධ රටක් නොවෙයි කියල මෛච්චර කියල තියෙද්දිත් තාම තේරෙන් නැතුව වගේ කතා කරන හැටි?
Reply : 0 0
Nandana Tuesday, 15 October 2019 04:37 PM
බය වෙන්න එපා ඔයා ඉන්නේ ලංකාවේ, සම හරක් හාමුදුරුවරු දේශපාලකයන්ට වන්දිබට්ටකම් සහ දේශපාලනය කරනනිසා ඔහොම වෙනවා මහින්ද මල්ලි ගෙන් අහල බලන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

