වර්ජනයෙන් රෝහල්වලට බලපෑමක් නෑ
වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බලපෑමක් සිදුවී නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
කොළඹ මහ රෝහල ඇතුළු දිවයිනේ අනෙකුත් රෝහල්වල බොහෝ අංශවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවද ඇමතිවරයා සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03දා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ එක් කොටසක් පමණක් වැඩවර්ජනයට සම්බන්ධ වී සිටින බවයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩවර්ජනයට සහභාගී නොවුණු බවට එහි සභාපතිවරයා තමන් හා පැවසුවේ යැයි සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
ඊයේ දිනයේදී තමාගේ නිවසේ පැය පහක් පුරා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සමග සාකච්ඡා කළ බවත්, වැඩවර්ජනයකට යන බවට ඔවුන් එහිදී සඳහන් නොකළ බවත් ඔහු කීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

