වරප්‍රසාද ඇති රාජ්‍ය අමාත්‍යධුර නැත්නම් බැසිල්ගේ කණ්ඩායම ජනපතිගේ අයවැයට විරුද්ධයි?
ඉදිරියේදී පත්කිරීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වරප්‍රසාද හිමි නොවන්නේ නම් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙසින් ලබන 30 දා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතාට සහාය පළ කරන කණ්ඩායම ප්‍රකාශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
පාර්ලිමේන්තුව තුළ තවමත් බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පවතී. මේ අනුව ඔවුන් ප්‍රකාශ කර ඇත්තෙ , රාජ්‍ය අමාත්‍යවරුන්ට පෞද්ගලික ලේකම්වරයෙක්, මාධ්‍ය ලේකම්වරයෙක් සහ සම්බන්ධීකරණ ලේකම්වරු තිදෙනෙක් හිමි වෙති ඔවුන් පස්දෙනාටම වෙනම වාහන හිමිවේ.
මීට අමතරව, රාජ්‍ය අමාත්‍යවරුන්ට කාර්යාල කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු, වාහන තුනක් සහ අමාත්‍යවරුන් භුක්ති විඳින වෙනත් වරප්‍රසාද ද හිමිවේ. එසේම ඔවුන්ගේ වැටුප් ඇමැතිවරුන්ගේ වැටුපට සමාන වෙයි.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය සකස් කරමින් සිටින බව සඳහන් කරන සන්ඩේ ටයිම් පුවත්පත රාජ්‍ය අමාත්‍යවරුන් කොපමණ සංඛ්‍යාවක් පත්කරන්නේදැයි යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.
අතුරු අයැවැය ඉදිරිපත් කිරීමට මත්තෙන් රාජ්‍ය අමාත්‍යවරන් පත්කිරීමට නියමිත බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කිරීම තරමක ගැටලුවක් බවට පත්ව ඇති හෙයින් නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට සංකීර්ණ වී තිබේ.
පවතින ඇමැති මණ්ඩලය සහ තවත් පක්ෂවලින් කිහිප දෙනකු ඇතුළත් කර ගනිමින් ඉදිරියට යාමට අවධානය යොමුකර ඇති අතර එසේ ඇතුළත් කිරීම ස්වභාවිකවම රජය සහ අදාළ පාර්ශ්ව අතර විරසකයකට තුඩු දෙනු ඇත.
popular news
-
sg Sunday, 28 August 2022 06:57 PM
Let them to the left.. as an executive president need to take the correct decision at the right time. Need to establish real parliament with new representatives.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

