වරද පිළිගත් ජොනීට දඩුවම් නියම කිරීම ලබන 25දා
- 11 11 2026
- 19:32
- {{hitsCtrl.values.hits}} views
- ..
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඬුවම් නියම කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන 25 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) දින නියෝග කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ, විත්තිකරු චෝදනා වලට වරද පිළිගෙන ඇති බැවින් නඩු භාණ්ඩයක් වන අදාළ සුඛෝපභෝගී මෝටර් රථය රාජසන්තක කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
එහිදී ඉදිරිපත් වු කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා, දඬුවම් නියම කිරීම සහ එම සුඛෝපභෝගී වාහනය සම්බන්ධ නියෝගය ප්‍රකාශයට පත් කිරීම නොවැම්බර් 25 වැනිදා දක්වා කල් තැබීය..
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.