සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානයට විවිධ පුද්ගලයන් එකතු කර ගන්නේ ප්‍රතිපත්ති මත පමණක් බවත් කිසිදු අයකුට කිසිදු ඇමතිකමක්, තනතුරු, සභාපතිකම්, අධ්‍යක්ෂකම් ලබා නොදෙන බවත් මෙම සන්ධානයට ගනු ලබන්නේ සමගි ජන බලවේගය පිළිගන්නා මැද මාවත අනුව කටයුතු කරන පිරිස බවත් වරදාන වරප්‍රසාද ලබා දී මන්ත්‍රීවරු රඳවා ගැනීම සහ බඳවා ගැනීම සිදු නොකරන බවත් එම සංස්කෘතියට නැවතීමේ ළකුණ තබා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමාජ වාදයෙන්, අන්ත වාමවාදයෙන්, කොමියුනිස්ට්වාදයෙන් මෙන්ම ධනවාදයෙන් ද රට ගොඩ ගත නොහැකි බවත් ඒ සඳහා සමාජ ප්රජාතන්ත්රවාදය මූලික කර ගත් මානුෂීය ධනවාදයක් ක්‍රියාත්මක කළ යුතු බවත් එබැවින් මෙම සන්ධානය ඇති කිරීමේ දී කිසිදු වරදාන වරප්‍රසාද ලබා නොදෙන බවත් රට වෙනුවෙන් ප්‍රතිපත්තිගරුකව සේවය කළ හැකි පිරිස පමණක් බඳවා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (4) කැස්බෑව ශ්‍රී සුදර්ශන ආදර්ශ විද්‍යාලයට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.*
ප්‍රග්ධනයේ ගමන නමින් සංකල්පයක් ලෝකයේ ඇති බවත් එය ප්‍රග්ධනය ඇතුළට සහ පිටත යනුවෙන් කොටස් 2කින් සිදු වන බවත් අපේ රටේ සිදුවිය යුත්තේ ප්‍රාග්ධන සම්පත රට ඇතුළට ලබා ගැනීම වුවත් සිදු වන්නේ රටින් පිටතට ප්රාග්ධනය යැවීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කොරෝනා සමයේ චීනයෙන් පිටතට ප්‍රාග්ධන සම්පත ඇදී යන විට ඉන්දියාව වැනි රටවල් එම ප්‍රාග්ධන සම්පත ලබා ගැනීමට වෙහෙසෙන විට අපේ රටේ රජයන් කොටු පවුරු බැදගෙන දේශානුරාගය ඉස්මතු කරමින් ප්රශස්ති ගායනා සිදු කරමින් සිටි නිසා රට බංකොලොත් වූ බවත් රට දියුනු වීමට අවශ්‍ය සෘජු විදේශ ආයෝජන රටේ නායකයෝ හොරකම් කිරීම නිසා රටට අහිමි වී ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.