වර්ජනය නිසා දුම්රියට පාඩුව කෝටි 7යි
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව දින හතරක කාලයක් පුරා ක්රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ හත්සියකට ආසන්න මුදලක් අහිමි වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය 08 වැනිදා සවස 3.00 සිට ඊයේ (12දා) දහවල් දක්වා සිදු කළ දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් මෙම පාඩුව සිදුව තිබෙන බවද එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම කාලය තුළ දී දුම්රිය ප්ර‘වේශ පත්ර අලෙවිය ඇනහිටීම හා භාණ්ඩ ප්රවාහනය ඇතුළු වෙනත් ආදායම් ලබන සේවාවලින් දෛනිකව රුපියල් මිලියන 16ත්, 18ත් අතර මුදලක් ලැබෙන බවද එම නිලධාරියා පවසා සිටියේය.
මීට අමතරව දුම්රිය මගීන් අතර ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් දුම්රිය දේපොළ කිහිපයකට හානි සිදුව තිබෙන බවත්, එය මෙතෙක් ගණනය කර නොමැති බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
දෛනික ආදායම රුපියල් මිලියන 16ත්, 18ත් අතර මුදලක් වුවද, දුම්රියවල දෛනික වියදම රුපියල් මිලියන 38කට අධික බැවින් වර්ජනය සිදුකළ දින හතරක කාලය තුළ දුම්රියට සිදුවන පාඩුව රුපියල් ලක්ෂ අටසියයකින් අඩු වී තිබෙන බව ඇතැම් පිරිස් පෙන්වා දෙති.
කෙසේ නමුත් දෛනිකව දෙපාර්තමේන්තුවට එකතු වන මුදල ගණනය කළ විට මෙම දින හතරක කාලය තුළ දී රුපියල් ලක්ෂ හත්සියකට අධික මුදලක් අහිමි වී ගොස් තිබෙන බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

popular news
-
lion Monday, 13 August 2018 04:56 AM
කරුණාකර මෙම සේවය පුද්ගලික කරණය කරන්න. අපේ මතය eyai
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

