රජයට ඉවත් වන ලෙස බලරකමින් අද වරකාපොල බස් නැවතුම්පළ අසල සාමකාමී විරෝධතාවක් පැවැත්වීය. පසුව ඔවුන් පා ගමනින් වරරකාපොල ප්රාදේශීය සභාව ඉදිරිපිට නැවතී විරෝධතාවය දැක්වූහ.
වරකාපොල ප්රාදේශීය සභාවේ සභාපති සරත් සුමන සූරිය මහතා විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමට පැමිණි අවස්ථාවේදී විරෝධතාකරුවන් හා සභාපතිවරයා අතර වචන හුවමාරුවක් සිදු වූ අතර පොලිසියේ හා ප්රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන්ගේ මැදිහත්වීම මත උද්ඝෝෂකයින් එම ස්ථානයෙන් පිටව ගොස් නැවත වරකාපොළ නගරයේ රැඳී සිටිමින් උද්ඝෝෂණයේ නිරත වූහ.



