විපක්ෂනායක කාර්යාලයට මුළු රටටම විවෘත කළා
අවුරුදු 4කට පසුව විපක්ෂනායක කාර්යාලය මුළු රටටම විවෘත කිරිමට හැකියාව ලැබුණ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
කොළඹ ශ්රීමත් මාකස් ප්රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“අවුරුදු 4කට පස්සේ විපක්ෂනායක කාර්යාලය මුළු රටටම විවෘත කිරිමට කටයුතු කළා. මොකද මෙතෙක් කල් ඒක ප්ර දේශයක ප්රශ්ණවලට පමණක් සීමා වෙලා තිබුණා. මේ කෙටි කාලය තුළ ක්රමානුකූලව ප්රජාතන්ත්රවාදය නැතිවෙලා යන යුගයක් බවට පත්වෙලා තියෙනවා.
ආර්ථික ප්රශ්ණ විශාල වශයෙන් තියෙනවා. කෘෂිකර්මාන්තය ගැන කතා කළොත් ඔවුන් පිළිබඳව තිබෙන ප්රශ්ණ වලට රජය පිළිතුරු දෙන්නේ නෑ.
සේනා දළඹුවා ගැන ප්රශ්ණය බරපතල ප්රශ්ණයක් බවට පත්වෙලා තියෙනවා. මේ රජය කිසිම ප්රශ්ණයක් පිළිබඳව ස්ථිර විසඳුමක් ලබාදෙන ආකාරයක් පෙනෙන්න නෑ. අපි මේ රජයට විරුද්ධව සියලු බලවේග එකතු කරගෙන කටයුතු කරන්න සූදානම් වෙලා තියෙනවා.”

popular news
-
Champa Friday, 18 January 2019 04:03 PM
බඩඉඟුරු දළඹුවාට නම් ආණ්ඩුවට මුලදීම කරන්න තිබ්බේ ගොවීන්ට දෙන්න වගාව වහන්න plastic කවර. දැන් ඉතින් පැතිරිලා ඉවරයිලුනේ. ප්රශ්නේ වෙලා තියෙන්නේ පරිසර සමතුලිතතාවය නැතිවීම. දළඹුවන්ව, පොඩි කුරුමිනියෝ සහ දෙබරු වගේ සත්තු කනවා. දැන් එහෙම සත්තු පරිසරයේ නැතුව ඇති. සමහර වෙලාවට මෙවුන්ගෙන් වගාව බේරා ගන්න වේලාසනම කරලේ උඩ කොටසේ තෙල් ගාල තියනවලු. නැත්නම් රබර් පටියක් දාල උඩ වහනවලු, ඒ මොකොද සලබය බිත්තර දාන්නේ බඩ ඉඟුරු කරලේ මුදුන් කොටසේ. ආයේ අලුතින් වවන කොට, වගාව වට කරලා සහ අතරමැද උස තණකොළත් වැව්ව්හම, සත්තු බිත්තර දාන්න තොර ගන්නේ බඩඉඟුරු වලට වඩා ඔය තණකොළ ගස් හින්ද පස්සේ කාලෙක උන් වඳ වෙලා යනව. එක සතෙක් වාරෙක්ට බිත්තර 200ක් දානවලු. සුළඟට සමහර වෙලාවට මේ බිත්තර කිලෝමීටර් දහස් ගණන් ඈතට යනවලු. මේ දළඹුවන්ගේ ගම ඇමරිකාව. කියන විදිහට, වෙන රටවල බඩඉඟුරු ගොවියෝ මෙහෙම වුනහම සබන් වතුර, දෙහි වතුර, මිරිස් වතුර, ලුණු වතුර, කොහොඹ තෙල් එහෙම spray කරනවලු. තව සමහරු වැලි, අළු, එහෙමත් ඉහිනවලු. තව සමහරු සීනි වතුර, මාළු වතුර වගේ ඒවා spray කරනවලු දළඹුවෝ ආහාරේට ගන්න predatory කෘමීන්, ladybugs, දෙබරු වගේ සත්තු ආකර්ෂණය කර ගන්න. ස්ව
Reply : 0 0
uncle mama Friday, 18 January 2019 04:03 PM
උත්සවේට ජුරම්පිට්යේ amaretah කතා kolai
Reply : 0 0
Nandana Friday, 18 January 2019 04:03 PM
පොර ටෝක් දාල නාගත්තා මතක නැද්ද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
