විපක්ෂනායක ආර්. සම්බන්ධන්මයි
වත්මන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ඉදිරියටත් විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක් ලෙස කටයුතු කරන නිසා ආර්.සම්බන්ධන් මහතාව විපක්ෂ නායක ධුරයට පත්කළා. ඉදිරියටත් ආර්.සම්බන්ධන් මහතාම තමයි විපක්ෂ නායක ධුරය හොබවන්නේ. විපක්ෂ නායකකම ඕන ඕන වෙලාවට වෙනස් කරන්න කියන එක ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් ඒ අයගේ දේශපාලන උපක්‍රමයක් විදිහට පාවිච්චි කරන්නේ
. ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් අතරේ තරඟයක් ඇති වූ වෙලාවේ ඒකාබද්ධ විපක්ෂය බෙදුණා. ඒ වගේම රටේ ජනතාවගෙන් අප්‍රසාදය ආවා. කුමාර වෙල්ගම මහතා එහෙම පැහැදිලිවම කිව්වා පැන්ෂන් ගියපු හමුදා නිලධාරියෙක් මේකට සුදුසු නෑ කියලා. ඒ වගේම නීතියෙනුත් ඒ අයට බෑ කියන කාරණාව ඔප්පු වෙලා තියෙනවා” යැයි පැවසීය.

තිසර සමල්
-
udugama Tuesday, 07 August 2018 02:54 PM
මතක් කර දුන්නුඑක හොදය අපි හිතුවේ විපක්ෂනයකෙයෙක් රටේ නැත කියල එක තවමත් නිදිද
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
