වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තු යටතේ පවතින මොනරාගල දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 25,000ක් පාරම්පරික හේන් ගොවීන්ට ලබාදීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් විසින් දිගු කාලයක් භුක්ති විඳින ලද නමුත් නැවත ගැසට් කිරීමේදී අදාළ දෙපාර්තමේන්තු යටතට පවරාගත් ඉඩම් අක්කර 05 බැගින් මෙලෙස ලබාදීමට නියමිතය.
මේ පිළිබඳ 'අද' සිදුකළ විමසීමේදී වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කර සිටියේ, ඉඩම් වෙන් කිරීමට අදාළ සොයාබැලීම් ඇතුළු අවශ්‍ය කටයුතු දිස්ත්‍රික් වනජීවී කාර්යාල සහ වන සංරක්ෂණ නිලධාරීන් විසින් මේ වනවිට සිදුකරමින් පවතින බවයි.
එසේම අදාළ ඉඩම් රජයට පවරා ගැනීම හේතුවෙන් ගොවි පවුල් 4000කට පමණ ජීවිකාව අහිමි වී ඇති බවත්, පිට පළාත්වලින් පැමිණි ඇතැම් පිරිස් විසින් විශාල ගවපට්ටි එම ඉඩම්වලට ඇතුළු කර ඇති බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.