වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා කැලෑවලින් හා පෞද්ගලික දැව ප්‍රවාහනයෙන් හිඟ ආදායම වශයෙන් ලැබිය යුතු මුදල 2023 දෙසැ.මස 31 වැනිදා වනවිට රුපියල් එකසිය අසූ අට කෝටි පනස් එක් ලක්ෂ අසූ දහස් තුන්සීය හැත්තෑ දෙක දක්වා ඉහළ ගොස් තිබූ බව ජනවාරි 30 දින නිකුත් කරන ලද විගණන වාර්තාවක සඳහන් වේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආදායම් ප්රභවය වන්නේ කැලෑවලින් හා පෞද්ගලික දැව ප්‍රවාහනයෙන් ලැබෙන ආදායම වේ. මෙකී ආදායම් නිවැරදි ව ඇස්තමේන්තු කිරීම, හිඟ ආදායම් ගණනය කිරීම සහ අය කර ගැනීම සඳහා පලදායී අභ්‍යන්තර පාලන ක්‍රම ස්ථාපිත කොට ව්‍යවස්ථාපිත කොට නොතිබූ බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ හේතුවෙන් අදාළ පාර්ශ්ව විසින් රාජ්‍ය ආදායමට මුදල් බැර කිරීම පැහැර හරිනු ලබන බව නිරීක්ෂණය වන්නේ යැයිද එම විගණන වාර්තාවේ දැක් වේ.
මේ පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කර ඇත්තේ පුරස්කාර ක්‍රමවේදය මත ලැබෙන මෙම ආදායම නිෂ්පාදන ඒකක මත ගණනය කිරීමෙන් පසුව අය කරගන්නා බැවින් නිරන්තරයෙන් වර්ෂ දෙකක කාලයක් තුළ හිඟ ආදායම් ඇති වී ඇති බවය.
2024 වර්ෂයේ ගිවිසුම්ගත වීමේදී සියලුම හිඟ ආදායම් අය කරගැනීමෙන් පසුව ගිවිසුම් ගත වන බවද ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කර ඇත.
චන්දන සමරවික්‍රම