යාලේ ඇතිවූ සිදුවීමත් සමග ඒ පිළිබඳව පිරික්ෂණ අවසන් කර අධිකරණ මාර්ගෝපදේශ ලබාදෙන තෙක් මින් ඉදිරියට පෞද්ගලික වාහන වනෝද්‍යාන තුළට ඇතුළත් කිරීමේදී ඒ ඒ වාහන සඳහා වෙන වෙනම මග පෙන්වන්නෙක් (ට්‍රැකර්) යොදවන බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවැසීය.
කෙසේ වෙතත් පවතින නිලධාරි හිඟය හේතුවෙන් මෙම තිරණය නිසා ඉදිරයේදී වනෝද්‍යාන තුළට පැමිණීමේදි යම්කිසි බාධාවක් ඇතිවිය හැකි බවද අමාත්‍යවරයා පැවැසීය.
සිදුවීම වාර්තා වූ පළමු අවස්ථාවේදිම තමන් මේ පිළිබඳව විධිමත් පරික්ෂණ පවත්වන ලෙස තමන් පොලිස්පතිවරයාට දැනුම් දුන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.