වනාන්තර 50ක් රක්ෂිත කරයි
මාර්තු 21 වන දිනට යෙදී තිබූ ජගත් වනාන්තර දිනයට සමගාමීව තවත් වනාන්තර 50 ක් රක්ෂිත ලෙස නම් කරමින් එයට අදාළ ගැසට් පත්‍රය අත්සන් කිරීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී වනාන්තර හෙක්ටයාර 12,989.73 ක් රක්ෂිත බවට පත් වූ අතර අම්පාර දිස්ත්‍රික්කයේ වනාන්තර හෙක්ටයාර 6255.77ක්, මාතර දිස්ත්‍රික්කයේ වනාන්තර හෙක්ටයාර 275.811, බදුල්ල දිස්ත්‍රික්කයේ වනාන්තර හෙක්ටයාර 683.74 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වනාන්තර හෙක්ටයාර 2778.345 සහ නුවරඑළිය/බදුල්ල දිස්ත්‍රික්කවල වනාන්තර හෙක්ටයාර 2996.06 රක්ෂිත බවට පත් කෙරිණි.
මේවා පහතරට සදාහරිත තෙත් සහිත වනාන්තර , වියළි මෝසම් වනාන්තර, කඳුකර වනාන්තර, කඩොලාන යනාදී වනාන්තරවලින් සමන්විතයි. ඒ් අනුව අම්පාර දිස්ත්‍රික්කයෙන් වනාන්තර 22 ක් මාතරින් 12 ක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් 11 ක් හා නුවරඑළියෙන් වනාන්තර 05 ක් ලෙස මෙම වනාන්තර 50 රක්ෂිත බවට පත් කර තිබේ.
වර්තමානයේ 29% ක්ව පවතින මෙරට වනගහනය 2030 වන විට 32% දක්වා ඉහළ නැංවීමට කටයුතු කිරීම වත්මන් රජයේ අපේක්ෂාවයි. එම අරමුණු ඉටු කර ගැනීම සඳහා පසුගිය වසරේ ආරම්භ වූ සුවිශේෂී ජාතික වැඩසටහන “ වනස්පති” වන අතර ඒ යටතේ වනාන්තර 29 ක් රක්ෂිත බවට පත් කර ඒවා සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී. මේ අනුව වනස්පති යටතේ රක්ෂිත කෙරුණු මුලු වනාන්තර ගණන 79කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
