වන්දාමි ගෞතම සිරිපා විශේෂ කලාපය ශ්රීපාදස්ථානාධිපති නාහිමිට පිළිගන්වයි
- 26 12 2023
- 17:38
- {{hitsCtrl.values.hits}} views
- ..

සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතාගේ සංකල්පය මත සබරගමුව පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය මඟින් ප්‍රකාශයට පත් කළ ‘වන්දාමි ගෞතම සිරිපා’ විශේෂ පුවත්පත් කලාපය ඊයේ (25දා) ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් විජේරත්න දෙවගෙදර මහතා විසින් ශ්රීපාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් වෙත පැල්මඩුල්ල ගල්පොත්තාවෙල විහාරයේ දී පිළිගන්වනු ලැබීය.
ඉන් අනතුරුව සිරිපා සමය ආරම්භය සදහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙලට පැමිණ සිටි බැතිමතුන්ට හා දේවාභරණ වැඩම්වීම නැරඹීමට රත්නපුර රැදීසිටි පිරිසට ‘වන්දාමි ගෞතම සිරිපා’ විශේෂ පුවත්පත් කලාපය සහ මුද්‍රිත සමන් දේව වර්ණ පෝස්ටරය නොමිලේ බෙදාදෙන ලදී.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් අසිත් ජයසිංහ මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
