වෙන්නප්පුවේදී පැය දෙකක් ඇතුලත බීමත් රියදුරන් 7ක් අල්ලයි

වෙන්නප්පුව, නයිනමඩම, වයික්කාල හා බෝරලැස්ස ප්රදේශයේදී මත්පැන් පානය කර යතුරුපැදි ධාවනය කළ පුද්ගලයන් 06 දෙනෙකු හා ත්රිරෝද රථ රියදුරෙකු පෙරේදා (22දා) රාත්රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නයිනමඩම ප්රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු වයික්කාල ප්රදේශයේ දෙදෙනෙකු සහ වෙන්නප්පුව හා බොරලැස්ස යන ප්රදේශවල පදිංචිකරුවෝ දෙදෙනෙකි.
පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා රාත්රී 8.00 සිට 10.00 දක්වා සිදුකළ වැටලීමේදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
සැකකරුවන් හා ඔවුන්ගේ වාහන මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
වෙන්නප්පුව මූලස්ථාන පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති, ප්රධාන පොලිස් පරීක්ෂක ශ්රිනික ජයකොඩි මහතාගේ උපදෙස් මත පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති, උපපොලිස් පරීක්ෂක පිරිස් මහතා ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.
නයිනමඩම - චන්දන ප්රනාන්දු
popular news
-
Sunil Wednesday, 23 January 2019 12:34 PM
අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසිල්ල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
