පාදයක තුවාලයක් සහිතව ඇවිද ගැණීමට නොහැකිව කුඹුරු යායක අතරමංව සිටියදී ඊයේ (15 දා) රැගෙන ආ අලි පැටියා ප්‍රතිකාර ලබමින් සිටියදී අද (16දා) උදෑසන මරණයට පත්වූ බව නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය පවසයි.
වයස අවුරුදු තුන හමාරක් පමණ හා උසින් අඩි හතරක් පමණ වූ මෙම අලි පැටියා ගල්ගමුව ප්‍රදේශයේ කුඹුරු බිමක අතරමංව සිටියදී සොයා ගැණුන අතර, එම අවස්ථාවේද අලි පැටියා දුර්වල තත්වයෙන් සිටි නිසා ප්‍රතිකාර ලබා දී ,වැඩිදුරට ප්‍රතිකාර සඳහා නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයට රැගෙන ආ බවද එම නිලධාරීන් පැවසීය.
මියගිය අලි පැටියාගේ මරණය පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය ,නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයදී,වනජීවි පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ගේ මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබුණි.
නිකවැරටිය ප්‍රියානි මංගලිකා

