වනඅලි ඝාතන සඳහා අධිකරණ ක්රියාමාර්ග
වෙඩි තබා හෝ හක්කපටස් යොදා ගනිමින් සිදුකරන වනඅලි ඝාතන සඳහා අධිකරණ ක්රියාමාර්ග ගෙන දඬුවම් පැමිණවීමට කටයුතු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සාපරාධී ලෙස වනඅලි ඝාතන සිදුකිරීම වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව දැඩි දඬුවම් ලබා දෙන වරදක් වන බැවින් මෙම තීරණය ගන්නා බවයි.
අලි - මිනිස් ගැටුම සහ අලි මරණ අවම කිරීමේ විසඳුම් සහ මේ වන විට ගෙන ඇති කාලීන පියවර පිළිබඳ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදහස් දක්වා ඇත.
ඒ අනුව මහජන සහභාගීත්වය තුළින් අලි සංරක්ෂණ ක්රියාවලිය සිදුකිරීම මෙන්ම මිනිස් මරණ බහුල වශයෙන් සිදු වී ඇති ග්රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.
මෙහිදී 2025 වසරේදී ගම්මාන 23ක් හඳුනාගෙන වැඩසටහන් 43ක් ක්රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර, ගම්මාන මට්ටමින් විදුලි වැට ඉදිකිරීම් සහ මුරපොළ ස්ථාපිත කිරීම මගින් සිවිල් ආරක්ෂක භටයන්ගේ දායකත්වයෙන් ගම්මානවලට අලි පැමිණීම වැළැක්වීමේ ක්රියාමාර්ගද කඩිනම් පියවර ලෙස හඳුනා ගෙන ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

