විධායක ජනපතිධූරය අහෝසි කිරීමට එකඟයි
පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති ව්‍යවස්ථා කෙටුම්පතේ ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ විධිවිධාන වලට තමන් විරුද්ධ නොවන බව හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (23දා) එම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කර පළාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයෙන් බලවත් කිරීමට අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
“ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වීම යනු සියලුම ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධ වීම නොවන බවද අපි පැහැදිලිව කිව යුතුය. වර්තමාන ව්‍යවස්ථාවේ පුලුල් වෙනස්කම් සිඳු විය යුතු බව අපි පිළිගනිමු. 19 වෙනි සංශෝධනය නිසා පමණක් මොන තරම් අවුලක් ඇති වීතිබෙනවාද? ඇතැම් දේශපාලන පක්ෂවලට තිබෙන බෙදුම්වාදී නැත්නම් ෆෙඩරල්වාදී අදහස් අපි ප්‍රතික්ෂේප කරන අතරම ඒ ඒ ප්‍රාදේශීය ජන සමාජයන් වලට යම් කිසි ජාතික රාමුවක් තුළ තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට හැකියාවක් තිබිය යුතු බවත් අපි පිළිගනිමු.
ඊලඟ ජාතික ඡන්දයේදී ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අපේම යෝජනා ඉදිරිපත් කර ඒ වෙනුවෙන් ජනතාවගෙන් වරමක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙමු. අපගේ එම උත්සාහයට සහයෝගය දෙන මෙන් මම ජනතාවගෙන් මෙන්ම සියලුම දේශපාලන පක්ෂ වලින්ද මේ අවස්ථාවේදී ඉල්ලා සිටිමි” යනුවෙන්ද ඔහු පවසයි.





popular news
-
ase Wednesday, 23 January 2019 03:38 PM
"ඊලඟ ජාතික ඡන්දයේදී ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අපේම යෝජනා ඉදිරිපත් කර ඒ වෙනුවෙන් ජනතාවගෙන් වරමක් ලබාගැනීමට අපි බලාපොරොත්තු" මොකක්ද මේ ?? අයෙත් කියපු දේවල් ඔයතරම් ඉක්මනට අමතක වෙලාද ? සුමන දෙකෙක් වත් ගියේ නැනේ ?
Reply : 0 2
Champa Wednesday, 23 January 2019 05:50 PM
මහින්ද නෙමෙයි රාවණාගේ තාත්ත වෙසමුණි රජ්ජුරුවෝ කිව්වත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුලත් කරලා තියෙන ව්‍යවස්ථාවක් ගෙනාවොත් අනිවර්යයනෙම ඒක පරාජය කරන්න ඕනේ. "ප්‍රාදේශීය ජන සමාජ" කියල ජාතියක් නැහැ. "ප්‍රාදේශීය ජන සමාජ" කියන්නේ දෙමළ මිනිස්සු වැඩ්පුර ඉන්න උතුරත්, මුස්ලිම් මිනිස්සු වැඩිපුර ඉන්න නැගෙනහිරත්, ඉන්දියන් දෙමළ ජාතිකයන් ඉන්න වතුකරයත් නම්, දෙමල මිනිස්සු වැඩිපුර ඉන්න කොළොඹත් "ප්‍රාදේශීය ජන සමාජයක් වෙන්න ඕනේ. දෙමල මුස්ලිම් මිනිස්සු රට පුරාම විසිරිලා ඉන්න කොට ප්‍රාදේශීය ජන සමාජ කියලා වෙනස් කරලා කියන්න ඔබ පාදක කර ගත්ත හේතු මොනවාද කියලා මට කියන්න. ඔබ ඉතිහාසය කියවන්න. උතුරු නැගෙනහිර මලය රට තුනේම මුලින්ම හිටියේ සිංහලයෝ. සිංහලයට ඉතුරු වෙලා තියෙන එකම හව්හරණේ විධායක ජනාධිපති ධූරය විතරයි. ඔබ දෙමල මුස්ලිම් වතු චන්ද වෙනුවෙන් සිංහල රට පාවල දෙන්න හදනවා නම් ඔබට විරුද්ධව ඉස්සෙල්ලම වැඩ කරන්නේ මම. පුළුවන් නම් මාව පහු කරලා ඔබට සිංහල රට පාවල දෙන්න පුලුවන්ද බලන්න. විධායක ජනාධිපති ධූරයත් අහෝසි කරලා, උතුර, නැගෙනහිර සහ වතුරකයට ඔබ වෙනම පාලනයන් දෙන්න හිතනවා නම් ඊට ඉස්සෙල්ල කතරගම දේවාලේ ගිනිබත් වෙන්න ඕනේ.
Reply : 0 0
chathuri Wednesday, 23 January 2019 06:56 PM
බලය. ගන්න යනකොට. ඕනෑම දෙකට. එකගයි නැතිනම්. චන්දය ලැබෙන්නේ. නැහැනේ බලය ගත් පසු කියයි. ඒවා දේශ පාලන කතා කියල. මයිත්‍රී ඔප්පු කරලා පෙන්නලා තියෙන්නේ. මේවගේ ලජ්ජා නැති කතාකියල බලය අරන්. පසුගිය ටිකේ. මුළු ලෝකෙම. හිනැස්සුව. තාමුඋත්. බලය තියෙන කොට නටපුව මිනිසුන්ට මතකයි , අවුරුදු. 4ත වැඩිය. කිසිම. කෙනෙක්ට රට පාලනය කරන්න දෙන්න එපා. මිනිසුන්ට සලකන්න දන්නෙම නැහැ පැරදිලා. ගිය උන්ට කොහොමත් නැවත එන්න දෙන්නඑපා
Reply : 0 0
Deepal Nirosh Sunday, 27 January 2019 11:23 AM
ආයිත් ලණුව ගිලින්න ද හදන්නෙ? තමුන්නාන්සෙට ඉල්ලන්න බැරි වුණත්(?) විධායක ජනාධිපත් ක්‍රය අපේ රටට අවශ්‍යයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

