විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මහපාරට බසී
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මෙතෙක් ලබාදුන් පොරොන්දු කඩකර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
මේ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කර ගැනීමට මහපාරේ සටනක් කිරීමට සිදුව තිබෙන බවත්, එම සටන මේ මස 14 වැනිදා ආරම්භ කරන බවත් ඔහු පවසා සිටියේය.
බලයට පත්වීමට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ලබාදුන් පොරොන්දු ඉටු නොකරන බැවින් මහපාරේ සටනට වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාරය, බහුජන සංවිධාන හා කාන්තා සංවිධාන එක්ව සිටින බවද අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

popular news
-
Champa Tuesday, 08 January 2019 11:27 AM
ඒ කාලේ දීපු පොරොන්දු දැන් වැඩක් නැහැ. ඒ මොකොද කිව්වා නම් අවුරුදු 4 ට මිනිස්සු පාර්ලිමේන්තුවේ දැක්ක දේවල් හොඳටම ඇති. විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා අන්තිම දූෂිත, මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේ විකිනෙන, පාර්ලිමේන්තුවකට රට බාර දෙන්නද කියන්නේ? ඊට පස්සේ හැමදාම හැම පනතටම සල්ලි වීසි කරලා තමයි චන්ද ගන්න වෙන්නේ. ඕනේ මෝඩයෙකුට තේරෙනවා මේ වගේ පාර්ලිමේන්තුවකට රටක් බාර දීම සුදුසු නැහැ කියලා. ඉස්සෙල්ල කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුව සුද්ධ කරන එක. දූෂණ වලට නම් ගෑවිච්ච ඔක්කොම ගෙදර යවන්න ඕනේ. විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ඉහලම ලංසුවට වෙන්දේසි කරන්න ඉඩ හදල දෙන්න කියන ජේවීපී එක තමා ඉස්සෙල්ලම ගෙදර යවන්න ඕනේ. මේවා කියා ගෙන පාරට ආවොත් අතට අහු වෙන එකෙන් නෙලන්න ඕනේ. ඔක්තෝබර් 26 ට පස්සේ ජේවීපී එක කතා කලේ කොහොමද? අද කොහොමද? දැන් තමයි සුද පේන්නේ.
Reply : 0 0
Bandula. Wednesday, 09 January 2019 12:06 PM
අනේ එහෙමද හිතාගෙන ඉන්නෙත් , එහෙනම් පරණ විදියට බස්, ගිනිතියමුද? අනේ මේ බොරුවට බුරන්න එපා ඔයාල දැන් ජනතාව ඉස්සරහ බලු වෙලා ඉවරවෙලා ගොඩක් කල් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
