වාද්දූව සාදයේ සංවිධායකයන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?
තරුණයින් හතර දෙනෙකු මිය ගිය වාද්දූව හෝටලයක පැවැති සාදය සංවිධානය කළ තරුණයින් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට නොගැනිම පසුපස අමාත්‍යවරයෙකු සිටින බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද (07දා) පැවසීය.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළකළේය.
සාමාන්‍ය රිය අනතුරකදී, ගමක ඇතිවන ගැටුමකදී අත්අඩංගුවට ගැනීම් සිදුකළද, මෙම සාදය සංවිධානය කළ පුද්ගලයන් අත්අඩංගුවට නොගැනීමට වාද්දුව පොලිස් ස්ථානය කටයුතු කර නැති බවත් ඔහු පැවැසීය.

popular news
-
Champa Wednesday, 08 August 2018 09:51 AM
හොඳ හෙළිදරව්වක්. ඇමතිවරයා හොඳ ගානක් හොයාගෙන තියෙනව ඇතුල්වීමේ ගාස්තු වලින් සහ මත්පෙති මත්කුඩු විකිණීමෙන්. නීතිය හා සාමය ඇමතිතුමා කිව්වනේ ආණ්ඩුවේ දේශපාලකයෝ මත්ද්‍රව්‍ය වෙළඳාමට සම්බන්ධ නැහැ කියලා. තලතත් කිව්ව මම හිතන්නේ. අජිත් චම්පික රාජිත තව UNP පොඩි පඟර නැට්ටෝ ගොඩකුත් කිව්වා යහපාලන ආණ්ඩුවේ සුද්ධවන්ත කම. 4 දෙනෙකුත් මැරිලා. තාම සංවිධායකයෝ අත්අඩංගුවට අරන් නැහැ කියන්නේ පොලිස්පතිතුමා, අධිකරණ ඇමතිතුමිය සහ නීතිය හා සාමය ඇමතිතුමා මත්කුඩු වෙළඳාමට අනියම් අයුරින් උදව් දෙනව කියන එක. Practice what you preach, guys. මේ මැරුණු අයගේ දෙමව්පියන්ට පුළුවන් කෝටි ගානක වන්දියක් ඉල්ලලා නඩු දාන්න සංවිධායකයෝ ගැන එලිවුනහම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

