ප්‍රජා සහ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය මඟින් බණ්ඩාරවෙල කලාපයේ වතු ආශ්රිත ගොවීන් බීජ අර්තාපල් නිෂ්පාදනය කිරීමට යොමු කර ඇතැයි ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක එච්.කේ.පී ජයලත් මහතා පැවසීය.
මුහුදු මට්ටමේ සිට අඩි හාර දහසකට වඩා ඉහළින් ජීවත් වෙන වතු ආශ්රිත ගොවීන් මෙම වැඩසටහනට යොමු කර තිබෙන අතර ඔවුන්ට අවශ්‍ය බීජ සහ යෙදවුම් ලබාදීම නොවැම්බර් මාසයේදී සිදුකෙරේ. ඔවුන්ගේ නිෂ්පාදිත බීජ අර්තාපල් ප්‍රදේශයේ ගොවි ජනතාවට ලබා දීමට නියමිතය.
මේ සඳහා රුපියල් ලක්ෂ විසිපහක මුදලක් වැය කෙරේ.බණ්ඩාරවෙල කෘෂිකර්ම කලාපයේ සේවය කරන ගොවීන් දෙසියය දෙනෙකු පමණ මෙම වැඩසටහනට සම්බන්ධ කර ගැනේ.
මොනරාගල සුමනසිරි ගුණතිලක