වැවිලි සමාගම් විසින් වතුකාර්යමණ්ඩල සාමාජිකයින් සදහා සියයට 70ක වැටුප් වැඩිවිමක් ලබාදිය යුතුව ඇති බැව් ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතා පවසයි.
රටේ පවතින ජිවන වියදම අනුව වතු කාර්යමණ්ඩල සාමාජිකයින් සදහා සියයට 200කින් වැටුප් වැඩි වියයුතු බවත් එහෙත් තම සංගමය මගින් ඉල්ලා සිටින්නේ සියයට 70ක වැටුප් වැඩිවිමක් බව ලංකා වතු සේවා සංගමයේ සභාපතිවරයා පෙන්වාදෙයි.
වතු කාර්ය මණ්ඩල සාමාජිකයින් සදහා සියයට 70 වැටුප් වැඩිවිමට සංවේදිවෙමින් වැවිලිසමාගම් කටයුතු කළයුතු බවත් එසේ නොවුනහොත් සංගමයේ මහා මණ්ඩලය රැස්වි කිසියම් තිරණයක් ගැනිමට සිදුවන බවද නිශාන්ත වන්නිආරච්චි මහතා පවසයි. මේ පිළිබදව අදහස් දක්වමින් හෙතෙම මෙසේද කිවේය.
"වතු කාර්යමණ්ඩල සමාජිකයින් සදහා සියයට 25ක වැටුප් වැඩිවිමක් හෝ පොදුවේ රුපියල් 10000ක වැටුප් වැඩිවිමක් එකවර ලබාදිමට සියයට 25 වාර්ෂික වැටුප් වර්ධකයක් ලබාදිමටත් 2022 වර්ෂයේ සාමුහික ගිවිසුම සම්බන්ධධධයෙන් පැවති සාකච්ඡාවේ දි වැවිලිසමාගම් පර්ශවයෙන් යෝජනා කළා. නමුත් අපේ සංගමය එම යෝජනාවට එකග නැහැ. වර්තමානයේ ඉහල යනජිවන වියදම හමුවේ වතුකාර්යමණ්ඩල සාමාජිකයින් එවැනි වැටුප් වැඩිවිමක් පිළිගැනිමට සුදානම් නෑ"
රවින්ද්රශ්රිලාල් /චන්දන සමරවික්රම