වතු කම්කරුවන්ට ස්ථිර ලිපින ලබා දීම පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා සොයා බලමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දින දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මේ බව දැනුම් දුන්නේ වතු කම්කරුවෙක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම අග විනිසුරු ජයන්ත ජයසූරිය, මෘර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.
වතුකම්කරුවන් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.