රජය මගින් දිවයින පුරා වතු කම්කරු පවුල් එක් ලක්ෂ පහලොස් දහස් අටසිය හැට හත් දෙනෙකුට විශේෂ සහනාධාර මිලකට තිරිගු පිටි කිලෝවක් රු 80 බැගින් ලබාදිම අද (15දා) සිදු කෙරිණ.
මෙරට ප්‍රධාන තිරිගු පිටි සමාගමක් විසින් කිලෝ 15 ක් බැගින් ඇසුරුම් කරන ලද තිරිගු පිටි තොග සමුපකාර සමිති හරහා හැටන් සහ නොර්වුඩ් යන ප්‍රදේශවල වතු කිහිපයකට බෙදා හැරිම සිදු කරනු ලැබුහ.
එක් වතු කම්කරු පවුලකට මසකට තිරිගු පිටි කිලෝ 15 බැගින් සැම මසකම බෙදා හරින අතර ,මේ මස (05දා) වතු කම්කරු පවුල් වෙත බෙදා හැරිමට නියමිතව තිබු තිරිගු පිටි (15දා) කිලෝවක් රු 80 බැගින් බෙදා හැරිම හැටන් සහ නොර්වුඩ් ප්‍රදේශයේ වතුවල සිදු කෙරිණ.
තේ වතු සමාගම් විසින් වතු කම්කරුවන්ගේ වැටුපෙන් මාසිකව තිරිගු පිටි කිලෝවක් සදහා රු 80 බැගින් අය කර එම මුදල වතු යටිතල පහසුකම් අමාත්‍යංශය වෙත යොමු කිරිමෙන් පසු එම අමාත්‍යංශය සහ තිරිගු පිටි සමාගම් අතර අත්සන් කර ඇති ගිවිසුමක් අනුව එම වතු යායට මාසිකව අවශ්‍ය තිරිගු පිටි ප්‍රමාණය තිරිගු පිටි සමාගම විසින් සමුපකාර සමිති හරහා බෙදා හැරිමට නියමිතය.
සහනාධාර මිලකට තිරිගු පිටි ලබාගත් වතු කම්කරුවන් කියා සිටින්නේ වෙලදපොලේ රු 145 අලෙවි වන තිරිගු පිටි කිලෝවක් රු 80 වැනි සහනාධාර මිලකට ලබාදිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා , අගමැතිවරයා ,රජය සහ රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාට සිය ස්තුතිය පුද කරන බවයි.
තවද තමන්ට මාසිකව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක්ම සහනාධාර මිලකට ලබාදිමට පියවර ගන්නා ලෙසද දැනට සහනාධාර යටතේ මාසිකව ලබාදෙන තිරිගු පිටි කිලෝ 15 සමග තවත් තිරිගු පිටි කිලෝ කිහිපයක් ලබාදෙන ලෙසද වතු කම්කරුවන් රජයෙන් ඉල්ලා සිටියි.


