වතු කම්කරුවන්ගේ මාසික වැටුප් වැඩිවීම රු. 10000ක්
අලුත් වැටුප් වැඩි වීමත් සමගවතු කම්කරුවෙකුට මාසිකව රු.10000ක පමණ වැටුප් වැඩි වීමක් සහ ඊට සමාන සුභ සාධන කටයුතු ලැබෙන බව හැටන් වතු සමාගමේ වැලිඔය වත්තේ වතු අධිකාරි අර්ජුන මැදගෙදර මහතා පැවසීය.
අර්ජුන මැදගෙදර මහතා ඒ බැව් කියා සිටියේ වතු කම්කරුවන්ට නව වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිනි.මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අර්ජුන මැදගෙදර මහතා මෙසේ පැවසීය.
“රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් මත 2026 ජනවාරි මාසයේ සිට වතු සේවකයින්ගේ වැටුප් වැඩි කිරිමට තීරණය කරලා තියනවා. ඊට සමගාමිව අප වතුයායේ සියලු කම්කරුවන්ගේ මූලික වැටුප රු.1550ක්ද, රජයේ දීමනාව රු.200ක්ද, සම්පූර්ණ වැටුප රු.1750ක් දක්වා ඉහළ නැංවිලා (10) දින අප ජනවාරි මාසයට අදාළ දිමනාව ගෙවීමට කටයුතු කළා.
ඒත් එක්කම ETF,EPF 15% ත් එක්ක රු.1982.50ක් වෙනවා දවසක වැටුප. ඒ හා සමගාමීව ඔවුගේ ප්‍රසුතිකාගාර දීමනාව, ඉස්සර තිබුණේ රු.113400ක් (එක්ලක්ෂ දහතුන්දහස් හාරසීයක්), දැන් ඒක රු.130200ක් (එක්ලක්ෂ තිස්දහස් දෙසියක්) වශයෙන් ඉහළ යැමකට ලක් වෙනවා. එතකොට රු.16800කින් (දහසයදහස් අටසියකින්) එය වැඩි වෙනවා.
ඊට අමතරව ඔවුන්ගේ අතිකාල දීමනා ගණනය කිරිමද ඉහළ යනවා. පාරිතෝෂිත දීමනාත් ගණනය කිරිම ඉහළ යාමකට ලක් වෙනවා. ඊට අමතරව නිවාඩු, අසනිප නිවාඩු දිරි දීමනාවද ඉහළ යාමකට ලක් වෙනවා.
එතකොට මෙම 2026 ජනවාරි මසයේ සිට මෙම සියලු දේවල් වැටුප් වැඩිවීමකට සමාන්තරව ඉහළ යාමකට ලක් වෙනවා.
තවද සාමාන්‍යෙයන් දවස් 25ක් සේවය කරපු සේවකයෙකුගේ වැටුප රජයේ දිරි දිමනාවත්, අපේ සමාගමෙන් ලබා දෙන වැටුප් වැඩි වීමත් සමග අවම වශයෙන් රු.10000කින් පමණ ඉහළ යාමකට ලක් වෙනවා, අලුත් වැටුප් වැඩි වීමත් සමගම.
එතකොට අපි වැවිලි සමාගමක් විදිහට, වතුයායක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා වතු රැකියාවක නිරත වෙලා ඒක අතෑරලා වෙන රැකියාවක් කරා ගියපු කට්ටිය නැවතත් වැටුප් වැඩි වීමත්, ඒවගේම සේවයේ තියන ආකර්ෂණියභාවයත් නිසා නැවත තේ වතු වල සේවය සදහා ඔවුන් නැවත පැමිණෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

