වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් හා ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වතු සමාගම්කරුවන් විසින් සම්පුර්ණයෙන්ම පාගලා, මිරිකලා බල්ලට දමා ඇතැයි බදුල්ල දිස්ත්රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී වඩිවෙල් සුරේෂ් මහතා පැවැසීය.නුවරඑළිය, නානුඔය, එඩින්බරෝ වතුයායේ අද (18දා) පැවැති වතු කම්කරු ජනහමුවකදී ඒ මහතා එසේ කීය.
එහෙදී තවදුරටත් අදහස් දක්වමින් වඩිවෙල් සුරේෂ් මහතා මෙසේද පැවැසීය.
“වතු සමාගම්කරුවන් විසින් වතුකරයේ ජනතාව මරන්න හදනවා. දවසකට කරන්න බැරි වැඩ කොටසක් මේ තේ දළු කඩන අම්මලාගෙන් බලාපොරොත්තු වෙනවා. පොහොර නැහැ. බෙහෙත් නැහැ. නමුත් තේ ගස්වලින් තේ දළු කඩන් එන්න කියනවා. තෙල් පොහොර මොකුත් නැතිවම තේ දළු කිලෝ 22 ක් කඩන්න කියනවා. එහෙම කැඩුවේ නැත්නම් නම් දෙන්නේ නැහැ කියනවා. මම අහනවා මේ රටේ වෘත්තීය අයිතිවාසිකම් කෝ කියලා. මේක ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.”
“වතු කම්කරුවන්ට රුපියල් 1000 ක් දෙනවා කියලා ගැසට් කරලා පැය 24 න් නඩු දානවා. දැන් නඩු යනවා. දැන් ජීවන වියදම කොහොමද රුපියල් 1000 බම්බුවටද රුපියල් 1000 ත් තියා ගන්න. වතු කම්කරුවන් රවට්ටන්න එපා.
“වතු කම්කරුවන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න ඔීනෑ. වතුකරයේ ජනතාව කවදත් ආයුධ අතට ගත්තේ නැහැ. ඊලම ඉල්ලුවේ නැහැ. මේ රටට විරුද්ධව ගියේ නැහැ. වතු කම්කරුවන් හැමදාම මේ රටට ආදරේ කලා. වතු සමාගම්කරුවන් වතු කම්කරුවන් තලන කොට ආණ්ඩුව ඇයි බලන් ඉන්නේ. වතු කම්කරුවෝ ඔීනෑ ඔීනෑ විදිහට තලනවා. වතුවල වැඩ කරන්න මිනිස්සු දැන් කැමැති නැහැ. වතු වැඩ දාලා මිනිස්සු දැන් යනවා. සිලෝන් ටී නැති වී ගෙන යනවා. නුවරඑළිය දිස්ත්රික්කයේ තේ විතරයි හොඳට වගා කරන්න පුළුවන්. කොස්, පොල් වවන්න බැහැ. ඒ නිසා සිලෝන් ටී රැක ගන්න ඔීනෑ. වතු කම්කරුවන් සිලෝන් ටී වෙනුවෙන් ඇප කැප වෙනවා.”
“එහෙම අයට ඇයි මෙහෙම කරන්නේ. එක රටක්, එක නීතියක් නම් ඇයි මේ රටේ වතු සමාගම්කරුවන් තේ දළු කඩන වතුකරයේ අම්මලාට දෙන කරදර දිහා බලා ඉන්නේ. වහාම රජය නියෝගයක් දෙන්න ඔීනෑ වතු සමාගම්කරුවන්ට මේ රටේ තියෙන කම්කරු නීතිය පිළිපදින්න කියලා. ඒක කරන්නේ නැත්තේ ඇයි කියලා අපි අහනවා” යයි පැවැසීය.
ශාන් හුලංනුගේ
