වතුර වළකට වැටී මාස 16ක සිගිත්තිය මරුට
නිවස අසල තිබූ වතුර වලකට වැටීමෙන් සූරියගොල්ල වැවතැන්න ගම්මානයේ පදිංචි අවුරුද්දකුත් මාස හතරක් වයසැති සිඟිත්තෙකු ඊයේ (08) දහවල් සැකකටයුතු අන්දමින් ජීවිතක්ෂයටපත්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.
ෙසිද්ධීයෙන් මියගොස් ඇත්තේ කලුගහකදුර, වැවතැන්න, මාරගොම්මන පදිංචි ඩී එම් සදලි නිම්සරා (මාස 16 යි) නැමැති සිගිත්තියකි.
දරු සිඟිත්තාගේ මව, නිවසේ සිටි තවත් කුඩා දරුවෙකුට සිගිත්තා බලා ගන්නට බාර දී තේ දළු කැඩීමට නිවෙසින් පිටව ගොස් ඇති අතර සිඟිත්තා නිවස අසල තිබූ වතුර වලකට වැටී ඇති බවත් දරුවා බලා ගත් කුඩා දරුවා සිඟිත්තා ගොඩට ගෙන වැඩිහිටියන් හා එක්ව ඔහු රෝබේරිය ප්‍රාෙද්ශීය රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිඟිත්තාගේ මරණය සැක කටයුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල පළාත් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මඩොල්සිම පොලිසිය පැවසීය.
මීගහකිවුල නිශාන්ත

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

