සාලම්බකුලම් ප්‍ර දේශයේ පිහිටි වව්නියා විශ්වවිද්‍යාල ක්‍රීඩා භූමියේ පාසල් කිහිපයක් අතර පැවැති එල්ලේ තරගාවලියකට සහභාගීවම සඳහා පැමිණ සිටි පට්ටාන්චූර් ප්‍ර දේශයේ පාසලක පිරිමි ළමුන් දෙදෙනෙකු එල්ලේ තරගාවලිය අතරතුර එම ක්‍රිඩාංගණයෙන් පිටත ප්‍ර දේශයේ තිබූ වතුර වලක් ආසන්නයෙන් ඇවිදිමින් යාමේදී එම වලට වැටී දියේ ගිලී අනතුරක් සිදුව ඇත.
දියේ ගිලුණු ළමුන් දෙදෙනා අවුරුදු 14 හා 15 වයස්වල පසුවන පට්ටාන්චූර් ප්‍ර දේශයේ පදිංචිකරුවන් අතර මේ වන විට එම ළමුන් දෙදෙනා පොලීසිය හා ප්‍ර දේශවාසීන් විසින් සොයාගෙන තිබේ.