බද්දෙගම ශාන්ත අන්තෝනි විදුහලේ වතුර ටැංකියක් අද (9) දහවල් කඩා වැටී සිසුන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව බද්දෙගම පොලීසිය කියයි.
තුවාල ලැබූ සිසුන් පස් දෙනාම පළමුව බද්දෙගම රෝහලටත් බරතල තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් කරාපිටිය රෝහලට මාරුකර යැවූ බවත් පොලීසිය කියයි.
එම විදුහලේ හය ,හත වසර සිසුන් පස් දෙනෙකු අනතුරට ලක්ව ඇති අතර බද්දෙගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත, ඇත්කඳුර ජනක් ද සිල්වා, පෝද්දල සරත් ආනන්ද


