වතුකරයේ ප්‍රාථමික සිසුන්ට සහල් මෙට්‍රික් ටොන් 1000
උඩරට කඳුකර ප්‍රදේශවල ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය හදාරන පාසල් සිසුන්ට නොමිලේ සහල් ලබාදීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම අමාත්‍යංශයේදී සිදු කෙරිණි.
“ගුඩ් නේබර්ස් ඉන්ටර් නැෂනල්” නම් රාජ්‍ය නොවන සංවිධානය මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍යදායකත්වය දක්වනු ලබන අතර, ඒ අනුව උඩරට කඳුකරයේ තෝරා ගත් ප්‍රාථමික පාසල් සඳහා සහල් මෙට්‍රික් ටොන් 1000 ක් ලබාදීමට සැළැසුම් කොට තිබේ.
රටේ පවතින ආර්ථික අර්බුදය සැළැකිල්ලට ගනිමින් පාසල් සිසුන් අධ්‍යාපනය හැරයාම වැළැක්වීම සහ ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්රියාක්මක කරනු ලබන බවත්, මීට සමගාමීව උඩරට වතුකරයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානවල දරුවන් වෙනුවෙන්ද නොමිලේ පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන බවද අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා මෙහෙදී කීය.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන් හා ගුඩ් නේබර්ස් ඉන්ටර් නැෂනල් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශාන් හුලංනුගේ


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
