වතුකරයේ ජනතාවටත් (31) දින සිට හැටන් සතොස ශාඛාව හරහා රු 35 ට ආනයනික බිත්තර මිල දි ගත හැකි බව හැටන් සතොස ශාඛාවේ කලමණාකාරවරයා පැවසිය.
හැටන් නගරයේ බිත්තර අලෙවිසැල් වල සුදු බිත්තරයක් රු 59 , රතු බිත්තරයක් රු 60 වැනි උපරිම සිල්ලර මිලකට අලෙවි කිරිම නිසා හැටන් ප්රදේශයේ පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.
සතොස ශාඛාව හරහා රු 35 වැනි සිල්ලර මිලකට බිත්තර ලබාදිම සම්බන්ධයෙන් වතුකරයේ ජනතාව රජයට සිය ස්තුතිය පල කර සිටිහ.