වතුකරයෙන් නව දේශපාලන පක්ෂයක්
වතුකරයෙන් නව වෘත්තිය සමිතියක් හා පක්ෂයක් ආරම්භ කිරිම සදහා මේ වන විට සකච්චා කරමින් පවතින අතර එම නව පක්ෂය සදහා වතුකරයේ පවතින වෘත්තිය සමිති දෙකක පිරිසක් එක්විමට සුදානමින් සිටින බව එහි ප්රකාශකයකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම ප්රකාශයා පවසන ලද්දේ හිටපු පාර්ලීමේන්තු මංත්රිවරුන් දෙදෙනකුගේ ප්රධානත්වයෙන් මෙම නව පක්ෂය හා නව වෘත්තිය සමිතිය ආරම්භ කිරිමට පියවර ගෙන ඇති අතර මේ සදහා හිටපු පලාත් සභා මංත්රිවරයකු ඇතුළු වතුකරයේ මේ වන විට ක්රියාත්මක වන ප්රබල වෘත්තිය සමිති හා පක්ෂ දෙකක ප්රබල පිරිසක් එක් විමට නියමිත බවත්ය.
මේ වන විට වතුකරයේ පවතින පක්ෂවලින් හා වෘත්තිය සමිතිවලින් වතු කම්කරුවන්ට නිසි සේවයක් නොවන බවට වතු කම්කරුවන් බොහෝ පිරිසක් පවසන බවත් එම තත්වයන් මත වතුකරයේ වතු කම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිමේ අරමුණ මත මෙම නව පක්ෂය හා නව වෘත්තිය සමිතිය පිහිටුවිමට පියවර ගෙන ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසිය.
චන්ද්ර සෙල්ලහේවා හැටන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

