වත්මන් ජනාධිපතිගේ නායකත්වය යටතේ දේශපාලන ස්ථාවරත්වය ඇතිවේවි
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ යටතේ ශ්‍රී ලංකාව තුළ දේශපාලන ස්ථාවරත්වය ඇතිවීම හා ආර්ථිකය යථා තත්වයට පත්වීම කඩිනමින් සිදු වනු ඇති බවත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාන්පෝල් මහතා අතර අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
2016 වසරේ තායිලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට තමාට අවස්ථාව උදා වු බවත්, 2017 වසරේ එම උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වු අවස්ථාවේ තායිලන්තය විශාල දායකත්වයක් ලබා දුන් බවත් අමාත්වරයා සදහන් කළේය
බෞද්ධ උපසම්පදාව නැවත මෙරටට ලබාදීමට කටයුතු කරමින් බුදු දහම යළි නගා සිටුවීම සදහා මෙන්ම වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික හා ආගමික සංස්කෘතික සංවර්ධනය උදෙසා තායිලන්තය ලබා දෙනු ලබන දායකත්වය අධිකරණ අමාත්වරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය.
ශ්‍රී ලංකාව තුළ වර්තමානය වන විට පවතින ගැටළු සහගත තත්වයන් අවසන්ව ආර්ථික ස්ථාවරත්වය ඇති වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඒ සදහා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් උපරිම සහයෝගය ලබා දෙන බවත්, තානාපතිවරයා මෙහිදී පැවසීය.
popular news
-
hanpol Monday, 25 July 2022 09:07 AM
I don't think
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

