වඩු මඩුවක හිමිකරුවෙක් යකඩ පොල්ලකින් හා බෝතලයකින් පහරදී ඝාතනය කරයි
යක්විල වේරහැර දම්පාඩිය ප්‍රදේශයේ අද 09 අලුයම 1.15 ට පමණ පැරණි වඩුමඩුවක් ඉදිරිපිටදී පුද්ගලයෙකුට වෙනත් පුද්ගලයන් තිදෙනෙකු විසින් යකඩ පොල්ලකින් සහ බීර බෝතලයක් කඩා පහරදීම හේතුවෙන් වඩුමඩුවේ හිමිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව කඳානේගෙදර පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ සුභසිංහ දේවගේ අසංක දේශප්‍රිය සේනානායක නැමති 42 හැවිරිදි එක්දරු පියකු වන අතර ඔහුගේ බිරිඳ විදේශගතව ඇති බවද සඳහන්වේ. පැරණි ආරවුලක් මත සැලසුම් සහගතව මෙම ඝාතනය සිදුවූවක්ද යන්න පිළිබඳව පොලිසිය සැක පහළ කරයි.
ඝාතනය සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 40, 45, සහ 46 හැවිරිදී මෙම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත් ඉන් එක් අයෙකු විශ්‍රාමික හමුදා සෙබළපු බවද පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා ඔහුගේ වඩුමඩුවේ සේවය කරන ගෝලයා සමග ඝාතනය සිදුවූ ස්ථානයේ මත්පැන් පානය කර ඇති බවත් මෙම පහරදීම සිදුවන අවස්ථාවේ මියගිය අය සමග සිටිය අනෙක් පුද්ගලයා එම ස්ථානයේ සිට නොමැති බව පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසේ.
ඝාතනය සිදුවූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය කුලියාපිටිය අපරාධ ස්ථාන භාර අංශයේ උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත, පොලිස් සැරයන් (63497) තරංග යන නිලධාරීහු විසින් සිදු කරනු ලැබූහ.
කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් ජයසේන මහතා විසින් මෙහිදී ස්ථානීය පරීක්ෂණය සහ මෘත දේහය පරික්ෂා කරනු ලැබීය.
කඳානේගෙදර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ එල් ඩී එච් වන්නිඅරාචි මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මහතා ඇතුළු කණ්ඩායමක් මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පන්නල හේමා රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
