වටවල දුම්රිය ස්ථානය ප්රතිසංස්කරණය යුධ හමුදාවෙන්
නායයෑමට ලක් වූ වටවල දුම්රිය ස්ථානයේ ඉදි කිරිම් කටයුතු ශ්රී ලංකා යුධ හමුදාව වෙත (20) දින භාර දුන් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්රික් අධිකාරි ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා පැවසීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිර්දේශ අනුව එහි ඉදි කිරිම් කටයුතු යුධහමුදාව වෙත භාර දීම සදහා ධනුෂ්ක දිසානායක, ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නුවරඑළිය දිස්ත්රික් ප්රධාන භූ විද්යාඥ බුද්ධික විජේකෝන්, ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරින් වටවල දුම්රිය ස්ථෘනය වෙත පැමිණ එහි ඉදි කිරිම් කටයුතු (20) දින ශ්රී ලංකා යුධ හමුදාවේ තුන්වන සිංහ රෙජිමේන්තුවේ අණ දෙන නිළධාරි කර්නල් සුභාෂ් මහතා වෙත භාර දෙනු ලැබූහ.
අගෝස්තු මස (02) දින වටවල ප්ර දේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග වටවල දුම්රිය ස්ථානයට පිටුපස විශාල කොටසක් නායයෑම හේතුවෙන් දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ලට විශාල වශයෙන් හානි වී තිබුණි.
වටවල දුම්රිය ස්ථානයේ ඉදි කිරිම් කටයුතු ප්රවාහන අමාත්යාංශයත් දුම්රිය දෙපාර්තමේන්තුවත්, වටවල වැවිලි සමාගමත් එක්ව එහි ඉදි කිරිම් කටයුතු යුධ හමුදාව වෙත පවරා එහි ඉදි කිරිම් කටයුතු දෙසැම්බර් මස අවසන් කිරිමට සැළසුම් කර ඇති බවයි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්රික් අධිකාරි ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා කියා සිටියහ.
දුම්රිය ස්ථානයේ ඉදි කිරිම් කටයුතු සිදු කර අවසන් වන තෙක් එහි කටයුතු එම දුම්රිය ස්ථානයේම පිහිටි ගුඩ්ශෙඩ් ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන බවත්, උලපනේ සහ ගම්පොළ අතර නාය ගිය ස්ථානයේ යථා තත්වයට පත් කිරිමෙන් පසු කොළඹ කොටුවේ සිට තලවකැලේ දක්වා දුම්රිය ධාවනය මේ වසර අවසන් වන විට සිදු කිරිමට අපේක්ෂා කරන බවයි ධනුෂ්ක දිසානායක මහතා කියා සිටියේ.
රදැල්ල සහ ග්රේඩ්වෙස්ටන් අතර නාය ගිය දුම්රිය ස්ථානයේ ඉදි කිරිම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත්, එහි ඉදි කිරිම් කටයුතු අවසන් වීමෙන් පසු 2027 වසරේ ජනවාරි මස සිට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය කිරිමට සැළසුම් කර ඇති බවද ධනුෂ්ක දිසානායක මහතා වැඩි දුරටත් පැවසීය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

