වටවල ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවන් 10කට කොවිඩ්
හැටන් වටවල ප්රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් දස දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට ඊයෙ (23දා) දින පස්වරුවේ ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව තහවුරු වී ඇති බව අඹගමුව සෞඛ්යය වෛද්යය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්යය පරික්ෂක කේ.කාමදේවන් මහතා පැවසිය.
එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ ඉකුත් (14) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වූ සේවකයෙක් හමුවීමෙන් පසු එම අසාදිතයාගේ ළගම ආශ්රිතයන් 60 දෙනෙකුගෙන් (18) දින සිදු කළ පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව සේවකයින් සිව්දෙනෙකුට සහ සේවිකාවන් හය දෙනෙකු සමග දස දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කේ. කාමදේවන් මහතා කියා සිටියේය.
(18) දින සිදු කළ පී.සී.ආර්. පරික්ෂණයෙන් පසුව එම සේවක සේවිකාවන් 60 දෙනෙකු සහ ඔහුන්ගේ පවුල්වල සමාජිකයන් 200 දෙනෙකු පමණ ස්වයං නිරෝධානයට යොමු කර සිටි බවත් , නව අසාදිතයන් දස දෙනාගේ ළගම ආශ්රිතයන්ගේ පි.සි.ආර් පරික්ෂණයක් (24) දින සිදු කරන බව ඔහු වැඩිදුරටත් පැවැසීය.
කොවිඩ් 19 වෛරසය අසාදනය වූ සේවකයින් දස දෙනාගෙන් සේවිකාවන් පස් දෙනෙකුම වටවල මවුන්ජින් වතුයායේ පදිංචිකරුවන් වෙයි.
මේ අතර සෞඛ්යය අංශවලට සහයෝගය දැක්වීම පිණිස එම ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය කටයුතු කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

