තණමල්විල පොලිස් වසමට අයත් කිතුල්කොටේ නෙළුවේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලි තුන්පත් රෑනක් වනජීවී නිලධාරීන් විසින් මුදවා ගෙන (04) වෙනිදා වනයට පළවා හරින ලදි.
පෙර දින රාත්‍රී ගම්මානයට වන අලින් කඩා වැදී ඇති අතර එහිදී මෙම තුන්පත් රෑන ප්‍රදේශයේ ගොවියකුගේ වගාවක් ආසන්නයේ තිබූ වගා ළිඳකට වැටී ඇත.ගොඩ ඒමට නොහැකිව වගා ළිඳක වන අලින් තිදෙනෙකු සිටින බවට ප්‍රදේශවාසීන් කිතුල්කොටේ වනජීවී කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව ඌව පළාත් භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් පිට ලුණුගම්වෙහෙර වනජීවී අඩවි ආරක්ෂක චමිල් ප්‍රදීප් මහතාගේ මෙහෙයවීම යටතේ වනජීවී,සිවිල් ආරක්ෂක බලකා,බහුකාර්ය සේවයේ නියුතු නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් වගා ළිඳේ පස් කොටසක් ඉවත් කර වන අලින් ගොඩට ගොඩට ඒමට සලස්වා අලි වෙඩි දමා වනයට පලවා හරින ලදි. මෙසේ පළවා හරින වන අලින් වයස අවුරුදු 25,30 සහ 09 වයසැති සතුන් වේ.
