මේ වනවිට වගා හානි වාර්තා වන ආකාරය අනුව අවම වශයෙන් අක්කර 70,000ක් පමණ නියඟය හේතුවෙන් හානියට ලක්ව ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය අනුමාන කරයි.
එසේම වගා හානි පිළිබඳ ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් විෂය භාර අමාත්‍යවරයාට ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවට අනුව නියඟය හේතුවෙන් හානියට පත් සමස්ත කුඹුරු ප්‍රමාණය අක්කර 60,930ක් දක්වාත් ඉන් බලපෑමට ලක්ව සිටින ගොවීන් සංඛ්‍යාව 62,375 දක්වාත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව තවදුරටත් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය අක්කර 26,654. 40කි. හානියට පත් ඊළඟ වැඩිම කුඹුරු ප්‍රමාණය උඩවලව කලාපයෙන් වාර්තා වෙයි. එය අක්කර 14,810. 13කි. ඉන් බලපෑමට ලක්ව ඇති ගොවීන් සංඛ්‍යාව 11,651කි.
මෙවර යල කන්නයේ වගා කරන ලද සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් පන් ලක්ෂ තුන්දහසක් පමණ වන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාර්තා පෙන්වා දෙන අතර, මහවැලි හා අනෙකුත් ප්‍රධාන ජලාශ යටතේ වගා කරන ලද කුඹුරුවලින් ඉහළ අස්වැන්නක් ලැබී ඇති බවට එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.