භෝග වගාවන් 06 කට අදාළව 2024/2025 මහ කන්නයේ වගා හානි වන්දි වශයෙන් මෙම වසරේ රුපියල් මිලියන 1484 ගෙවා අවසන් කර තිබෙන බව කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
ගොවි ජනතාව වැඩි වශයෙන් වගා කිරීම සඳහා යොමු කිරීමේ පරමාර්ථය මත නොමිලේ වගා රක්ෂණ ක්රමවේදය යටතේ මෙම වගා හානි වන්දි පිරිනමා ඇති බවද පෙන්වා දෙයි.
මේ යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූනු , අර්තාපල්, මිරිස්, සෝයා වගාවන් සඳහා අක්කර 87690 වගා කළ ගොවීන් 74958 ක ප්රමාණයක් සඳහා අදාළ වන්දි මුදල ලබා දී ඇත.
ඉහත වගාවන් සිදු කරන ගොවීන් හට නියඟය, ගංවතුර සහ වන අලින්ගෙන් සිදුවන හානිවලට ලක්වන අවස්ථා වලදී තම වගා බිම් හෙක්ටයාර් එකකට රු. 100,000/-ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම සිදු කරනු ලැබේ.
මෙම කෘෂි රක්ෂණ යෝජනා ක්රමයේ ඇති විශේෂත්වය වනුයේ කිසිදු වාරික මුදලක් අය කිරීමකින් තොරව ඉහත සඳහන් තත්ත්වයන්වලදී සිදුවන වගා හානිවලට වන්දි ගෙවීම වේ.