ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන ලෝටස් මාවත දෙසින් ඇති දොරටු දෙක අවහිර කළ ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින 21 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කාන්තාවන් හතර දෙනකු ද ඒ අතර සිටින බව පොලිසිය කියයි.
පිවිසුම් දොරටු ඉදිරිපිට විරෝධතා දැක්වීම නිසා එම කාර්යාලවල අත්‍යාවශ්‍ය සේවා සඳහා වාර්තා කරන නිලධාරීන් මෙන්ම අවශ්‍යතා සඳහා පැමිණි ජනතාවට කාර්යාලය තුළට ඇතුළුවීමට හා පිටවීමට නොහැකි වී ඇත.
එම නිසා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ කාර්යය මණ්ඩලවල පිරිස හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තිබූ සාකච්ඡාවලට පවා බාධා සිදුවිණි.
අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.