ලෝක සංචාරක දින සැමරුම් උත්සවය මෝහිණි ඇල්ල අසළදී
2026 ලෝක සංචාරක දින සැමරුම් උත්සවය නල්ලතන්නිය මෝහිණි ඇල්ල අසළ පැවැත්වීමට මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
සංචාරක අවධානයක් යොමු වී ඇති නෝර්වුඩ් ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවුස්සාකැලේ ජලාශය, මරේ දිය ඇළි ආදි ප්‍රධාන දියඇළි පාදක කර ගනිමින් පූජනීය ශ්‍රී පාදස්ථානයද මුල් කර ගනිමින් සංචාරක සංවර්ධන සහ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමටයි මධ්‍යම පළාත් සංචාරක මණ්ඩලය සැළසුම් කර ඇත්තේ.
මෙයට සමගාමීව මෝහිණි ඇල්ලේ, ගාඩ්මෝර් දිය ඇල්ල සහ මරේ දිය ඇල්ලේ ජල සහ ත්‍රාසජනක සංචාරක ක්‍රියාකාරකම් රැසක් පැවැත්වීමටද මධ්‍යම පළාත් සංචාරක මණ්ඩලය කටයුතු කර ඇත.
මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව නල්ලතන්නියේ සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය සමග එක්ව (29,30) යන දෙදින තුල සංචාරක දින සැමරුම් උත්සව පැවැත්වීමට සැළසුම්කර ඇත.
ඒ පිලිබදව සොයා බැලීමට මධ්‍යම පළාත් සංචාරක මණ්ඩලයේ නිළධාරින් (27) දින මෝහිණි ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නියැලින.
නල්ලතන්නි නගරය කේන්ද්‍ර කර ගනිමින් 2026 සංචාරක දින සැමරුම් උත්සවය නල්ලතන්නියේ පැවැත්වීමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ ජරයට සිය ස්තූතිය පල කරන බවයි නල්ලත්න්නිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්. සාන්ත කුමාර මහතා කියා සිටියේ.
නල්ලතන්නි වෙළදසංගමයේ සභාපති සහ මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඩී.ලංකා පුත්‍ර විමළධර්ම මහතා කියා සිටියේ, සංචාරක ආකර්ෂණයක් දිනා ඇති මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ මෙවැනි සැමරුම් උත්සවයක් පවත්වන පළමු අවස්ථාව මෙය බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

