ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ වැව් 497ක් ප්‍රතිසංස්කරණය කරයි
දශක හය හතක් තිස්සේ කිසිදු ප්රතිසංස්කරණයකට ලක් නොකරන ලද දිවයිනේ දිස්ත්‍රික්ක 11ක තිබෙන වැව් 497ක් ලෝක බැංකුවේ ඩොලර් මිලියන 44ක මුල්‍ය ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය කිරීම පසුගියදා (31) ආරම්භ විය .
ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 72ක් හා හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 29ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වූ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ කෙරිනි.
ගෝමරන්කඩවල දිවුල්වැව හා පලුගස්වැව වැව් ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.
එමෙන්ම හොරොව්පොතාන ප්‍රදේශයේ කැන්දුටුවැව ප්‍රතිසංස්කරණය කටයුතු අරඹමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය CSIAP – Climate Smart Irrigation Agriculture project යටතේ මෙම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේ.
විශේෂයෙන් දේශගුණික බලපෑම් නිසා වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය නොමැතිව පීඩා වීඳින ගම්මානවල ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයන් නඟා සිටුවීම සඳහා ඔවුන්ට අවශ්‍ය ජලය සපයා දීම මෙම වාරි ප්‍රතිසංස්කරණ වැඩ සටහනේ අරමුණ බව මෙම අවස්ථාවට සහභාගි වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
මෙම වාරි ප්‍රතිසංස්කරණ වැඩ සටහන යටතේ වැව් සකස් කිරීමෙන් අනතුරුව වී වගාවට වඩා අතිරේක ආහාර බෝග වගාවට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතියේ නිලධාරින්ට උපදෙස් දුන්නේය. ඒ අනුව මුං ඇට, කව්පි, සෝයාබෝංචි, බඩඉරිඟු හා කුරක්කන් වැනි අතිරේක ආහාර බෝග වගාවට අවශ්‍ය බීජ, තාක්ෂණය හා මුල්‍යාධාර පහසුකම් ද ලබා දීමට නියමිතය.
කිසිදු දිනෙක ප්‍රතිසංස්කරණය නොකරන ලද අතහැර දැමූ වැව් 870ක් මෙම ව්‍යාපෘතිය යටතේ හඳුනාගෙන ඇති අතර ඉන් 497ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම මෙම වසර තුළ සිදු කෙරෙනු ඇත.
එමෙන්ම රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තවත් වැව් 30ක් මෙම වසර තුළ ප්‍රතිසංස්කරණය කරනු ලබන අතර ඒ සඳහා රජය විසින් රුපියල් මිලියන 300ක් මේ වනවිටත් ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
popular news
-
janahitha Monday, 03 April 2023 03:54 AM
meva hamadama kiyanava naya gannava vava thibuna vage thiyeneva mema naya nildarin desapalakayan gasa kanava kanava kanava ekama vava hamadama hadanava asthamentnthu naya pamanayi sidu vanne
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

